සෝනුගේ උපන්දිනයට රටපුරා ලේ දන්දිමේ වැඩසටහන්

  • 17-09-2023
  • Views 187

කොවිඩ් වසංගත සමයේ ඉන්දියාවේ අසරණ මිනිසුන් වෙනුවෙන් විශාල සමාජ සත්කාරයන් රැසක් සිදු කළ ඉන්දීය සිනමා නළු සෝනු සිද්ගේ 47 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදී තිබුණි. ඒ වෙනුවෙන් මුළු ඉන්දියාව පුරාම ලේ දන්දිමේ කඳවුරු 900ක් පවත්වන්නට ඔහුගේ රසික පිරිස් කටයුතු කර තිබුණි.

එමෙන්ම සෝනුද ඊට එක්වෙමින් ඉන්දියාව පුරා සිටින අසරණ පවුල් ලක්ෂයකට ආහාර බෙදා දිමක්ද සිදු කරනු ලැබීය. එය කාගෙත් අවධානය දිනු සිදුවිමක් වූ අතර, ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබුණේ ඉන්දියාවේ සුපිරි නළුවන්ද තම උපන්දින වෙනුවෙන් මෙවැනි සමාජ සත්කාරයන් සඳහා යොමු විය යුතු බවය.