හාදුවක් නිසා හොලිවුඩයම අත්හැරපු අමුතු නළුවෙක්

ආදරය කියන්නෙ කවදාවත් වචනයෙන් නිර්වචනය කරන්න බැරි අමුතු හැඟීමක්.තමන්ගේ ආදරණීය සෙවණැල්ල වුණු බිරිඳට දුන්න පොරොන්දුවක් නිසා හොලිවුඩයම අතහැරපු සැබෑ පිරිමියෙක් අමුතුම පිරිමියෙක් ගැන තමයි මේ කතාව .ඒ පිරිමියා තමයි නිල් මැක්ඩොනා.
වෘත්තීය ජීවිතය සහ ආත්ම ගෞරවය
වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවිතය...
මේ හැම මාතෘකාවක්ම හරි සංකීර්ණයි.
ජනප්රියත්වය ප්රසිද්ධිය වරප්රසාද සහ වරදාන වෙනුවෙන් ආදරය ගෞරවය තමන්ගෙ ආලවන්තයා ආලවන්තිය විතරක් නෙවෙයි තමන්ගෙ දරුවන් මව්පියන් පවා අත්හරින තරු හෝ සුපිරි තරු ඉන්න ලෝකෙක නිල් තමන්ගෙ බිරිඳට තියෙන ආදරය වෙනුවෙන් ගෞරවය වෙනුවෙන් හොලිවුඩයම අත්හරිනවා.
ජීවිතය දැනෙන්නෙම ආදරය ඇති තැනක...
Band of Brothers, Minority Report සහ Desperate Housewives වැනි ලොව සුපතළ නිර්මාණ ඔස්සේ ප්රේක්ෂකාගාර ආකර්ෂණය කරගත් නිල් මැක්ඩොනා, දක්ෂ නළුවෙකුට එහා ගිය දැඩි කතෝලික භක්තිකයෙක් සහ ආදරණීය සැමියෙක්. ඔහු රූවේ සමඟ විවාහ වූ දා සිට තමාටම එක් පොරොන්දුවක් දුන්නා. එනම්, තිරය මතදී කවදාවත් වෙනත් කාන්තාවකට හාදුවක් ලබා නොදෙන බවටත්, ලිංගික දර්ශන සඳහා පෙනී නොසිටින බවටත්.
. "මේ තොල් මැවුණේ එකම එක ගැහැනියකට විතරයි, ඒ මගේ බිරිඳ රූවේට විතරයි." ඒ ඔහු නිතර කී දෙයක්.හොලිවුඩ් කියන්නෙම අතිශය නිදහස් සහ ලිංගිකත්වය විකිණෙන මායාලෝකයක්. රූමත් නිළියන් දහස් ගණනක් මැද මෙවැනි කොන්දක් ඇති තීරණයක් ගන්න පිරිමියෙක්ට නළුවෙක්ට පුළුවන්ද ?
2010 වසරේදිඋ ABC නාලිකාවේ Scoundrels කතා මාලාව සඳහා නිල්ව තෝරාගත්තා.එහිදී එක් ලිංගික දර්ශනයකට පෙනී සිටින ලෙස ඔහුට කියද්දී නිල් තම ප්රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටිමින් එය දැඩි ලෙස ප්රතික්ෂේප කළා.. ප්රතිඵලය කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඔහුව එම මොහොතේම එයින් ඉවත් කිරීමයි.
හොලිවුඩ් දැවැන්තයින් එතැනින් නැවතුණේ නෑ. නිල් යනු "වැඩ කිරීමට අපහසු" මිනිසෙකු ලෙස හංවඩු ගසා ඔහුව අසාදු ලේඛනයට (Blacklist) ඇතුළත් කළා. වසර දෙකක් යනතුරු ඔහුට එකම එක රක්ෂාවක් හෝ ලැබුණේ නෑ.මහා මන්දිර සුඛෝපභෝගී වාහන විකිණන්න නිල්ට සිදුවුණා .
නිල් දරුවන් පස් දෙනෙකුගේ තාත්තා කෙනෙක් .ඒ පොහොසත් තාත්තා දුප්පත් වුණා. නමුත් නිල් මානසිකත්ව වැටුණේ නෑ. "සල්ලි වලට වඩා මගේ බිරිඳට තියෙන ගෞරවය සහ මගේ ආත්මය වටිනවා" ඒ තමයි නිල්ගෙ වචන.
බොහෝ කටුක මාවත් ගෙවා පැමිණෙද්දී නිල් මැක්ඩොනාට 2025 වසර සුවිශේෂී වුණා.ඒ 'The Last Rodeo' film එක නිසා . මෙම චිත්රපටයේත් නිල්ට තිරය මත හාදුවක් ලබා දීමට එක් දර්ශනයක් තිබුණා. පුදුමය කියන්නේ දශක දෙකකට වඩා වැඩි කාලයක් මෙවැනි දර්ශන ප්රතික්ෂේප කළ නිල් මෙවර ඊට එකඟ වුණා.
ඒත් එහි වූ රහස මුළු ලෝකයම මවිත කළා. එම දර්ශනයේ ඔහුට හාදු දීමට සිටි නිළිය වුණේ වසර විසි ගණනක් ඔහු පණ මෙන් ආදරය කළ ඔහුගේ සෙවණැල්ල රුවේ.
"මගේ ප්රතිපත්ති කඩ කරන්නේ නැතුව, මගේ බිරිඳවම සිපගන්න ලැබීම මගේ වෘත්තීය ජීවිතයේ ලැබුණු ලොකුම කිරුළයි. " ඒ තමා නිල්.
