හැරී පෝටර්ගේ පෙම්වතියත් මවක් වෙන්න සූදානම්

  • 19-05-2023
  • Views 130

හැරි පෝටර් චිත්‍රපට මාලාවේ ජිනි විස්ලි එහෙමත් නැත්නම් හැරි පෝටර්ගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වූ බොනි රයිට් මේ වනවිට මවක් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. ජිනි හා ඇගේ සැමියා වූ ඇන්ඩෘ ලෝකෝකා සමගින් කඳුකර ප්‍රදේශයකදී ගත් ඡායාරූපයක් නිකුත් කරමින් බොනි මේ බව සිය රසික පිරිස් දැනුම්වත් කර තිබේ.

මාස කිහිපයක ගැබිණියක් බවට මේ වනවිට පත්ව සිටින බොනි අපි බබෙක් හදනවා යැයි කෙටි සටහනක් තබමින් මෙම ඡායාරූපය නිකුත් කර තිබුණේ සිය ඉන්ස්ටර්ග්‍රැම්ස් ගිණුම තුළය. 2022 මාර්තු මාසයේදී ඇන්ඩෘ සමඟ විවාහ වූ බොනී පළමු වතාවට මෙසේ ගැබිගෙන සිටින බවට තොරතුරු ලැබෙයි.