ඔය කියන තරම් තැගි ලැබුණේ නැහැ ෂෙට්ටි පවුල කියයි

  • 04-02-2023
  • Views 76

බොලිවුඩ් සිනමා නළු සුනිල් ෂෙට්ටිගේ එකම දියණිය ආතියා ෂෙට්ටි හා වර්තමාන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටින සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ලොකේෂ් රාහුල්ගේ විවාහ මංගල්‍යය මීට දින කිහිපයකට පෙර පැවැත්වුණි. එය නව වසරේ ලෝකයේම අවධානය දිනාගත් සුපිරි විවාහ මංගල්‍යය බවට පත් විය.

වාර්තා වන අන්දමට රාහුල්ට මෙන්ම ආතියාට බොලිවුඩ් සිනමා තරු, දේශපාලනඥයින්, ක්‍රිකට් තරු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයින්ගෙන් ඉතා වටිනා ත්‍යාග ලැබි තිබුණ බව සඳහන් වෙයි. හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයින් වු විරාත් කෝලි හා ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මා දෙදෙනා රාහුල් හා ආතියාට කෝටි දෙකක් වටිනා නවීන පන්නයේ මෝටර් රථයක් තැගි ලෙස පිරිනමා ඇත. එමෙන්ම මහේන්ද්‍ර සිං දෝනි ලක්ෂ 80ක් වටිනා යතුරුපැදියක් රාහුල්ට ලබා දි ඇත. කෙසේ වෙතත්, ෂෙට්ටි පවුල පවසන්නේ විවාහක යුවළට ඔය කියනා තරම් දෙයක් නොලැබුණ බවත්, ඒවා විශ්වාස නොකරන බවත්ය.