අපර්ණා හොඳම නිළියට හිමි සම්මානය දිනයි

  • 03-08-2022
  • Views 259

‘සෝරාරු පොට්රූ’ දමිල චිත්‍රපටයේ බොම්මි ලෙස රංගනයෙන් දායක වූ අපර්ණා බාලමුරලී මෙවර ඉන්දීය ජාතික සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. අපර්ණා සිය සිනමා ජිවිතේ ලබාගත් ඉහළම සම්මානය මෙය බව ඇය පවසයි.

මීට පෙර විවිධ සම්මාන උළලෙයන් රැසකදීම සම්මාන රැසක් දිනාගෙන තිබුණද අපර්ණා හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. එමෙන්ම ඇයට මෙම සම්මානයද සමගින් ඉන්දීය රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක්ද හිමි වූ බව සඳහන් වෙයි.