අමිතාබ් බච්චන් මේ පාර හෝලි සමරලා නැහැ

  • 02-04-2023
  • Views 167

ඉල ඇටයේ ආබාධයකින් පෙළෙන නිසාවෙන් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අමිතාබ් බච්චන් මෙවර හෝලි නොසැමරු බව සඳහන් වෙයි. ඔහු පවසන්නේ චිත්‍රපට රූපගත කිරිමේදී ඇති ආබාධව නිසාවෙන් වෛද්‍ය උපදෙස් අනුව තමන්ට විවේක ගැනීමට මේ වනවිට සිදුව ඇති බවය.

අමිතාබ් මෙසේ අනතුරුට ලක්ව ඇත්තේ 'Project K' චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීය. හයිද්‍රාබාද් හි AIG රෝහලේ වෛද්‍යවරයෙකුගෙන් සහ සීටී ස්කෑන් පරීක්ෂණයකින් පසු අමිතාබ් බච්චන් මුම්බායි බලා පිටත්ව පැමිණි අතර එහිදී ඔහු මේ වනවිට සිය නිවසේ විවේක ගනිමින් සිටින බව වාර්තා වෙයි.