අම්මා කෙනෙක් වෙන්න ඉන්න සෝනම් කපූර්, සැමියාගේ උපන්දිනය වෙනුවෙන් තැබූ ආදරණීය සටහන
සෝනම් කපූර් කියන්නේ බොලිවුඩයේ ජනප්‍රිය සුපිරි තාරකාවක්. රංගන ශිල්පී අනිල් කපූර්ගේ දියණිය වන සෝනම් කපූර් ජනප්‍රියත්වය සහ දක්ෂතාව එක ලෙස පවතින බොලිවුඩ් තාරකාවක් ලෙස සෝනම් කපූර් ප්‍රසිද්ධයි.
සෝනම් විවාහ වී සිටින්නේ ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයෙක් වන ආනන්ද් අහුජා සමඟයි. සෝනම් කපූර් දැන් මවක් වෙන්න සූදානමින් සිටින්නේ. ළඟදීම ඇයට දරු සම්පත් ලැබෙන්න නියමිතයි.
සෝනම් පසුගියදා පැවැති තම සැමියා ආනන්ද් අහුජාගේ උපන්දිනය වෙනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ ආදරණීය සටහනක් තැබුවා.
ඒ සටහන පහත දැක්වෙනවා.
"මගේ ස්වාමිපුරුෂයා, ඔබ පරාර්ථකාමී කැපවීම සහ කරුණාවන්තය. මේ තරම් කොන්දේසි විරහිතව ආදරය කරන්න මම ජීවිතේ හොඳ දේවල් කරන්න ඇති. මම කිසිවෙකු ඔබ සමඟ සංසන්දනය නොකරන අතර කිසිවෙකු කිසි විටෙකත් එසේ නොකරනු ඇත. සුබ උපන්දිනයක් මගේ සපත්තු පිස්සා... පැසිපන්දු පිස්සා සහ ආත්ම සහායකයා.... ඔබේ ආලෝකය පැමිණෙන්නේ නිර්මල යහපත්කමෙන් වන නිසා ඔබ සැමවිටම දීප්තිමත් ලෙස බබළයි. එසේම ඔබ හොඳම තාත්තා වනු ඇත, ඔබ සදහටම ශිෂ්‍යයෙක් නිසා. ආදරෙයි ඔයාට ආදරෙයි ඔයාට ආදරෙයි."








Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
