අයිශ්වර්යා සිය දියණිය ගැන කිව්ව කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අප්‍රේල් 29 වැනිදා ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ මනිරත්නම්ගේ පොන්නයින් සෙල්වන් 2 ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුරදි අයිශ්වර්යා රායි බච්චන් සිය දියණිය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය අසත්‍ය තොරතුරු ගැන විවෘත කතා කර තිබුණි.

මෙම අසත්‍ය තොරතුරු අතර, සිත් රිදවන ප්‍රවෘත්ති කිහිපයක්ද ඇතුළත්ව තිබුණ අතර, අයිශ්වර්යා පැවසුවේ එය තමන්ට පමණක් නොව බච්චන් පවුලටම වේදනා ගෙනදුන් කාරණයක් වූ බවය. මුදල් හම්බ කිරිම උදෙසා මෙවැනි දේවල් කිරිම තමන් දැඩි ලෙස හෙළා දකින බවද ඇය මෙම වැඩසටන තුළදී පවසා ඇත.