කරන් ජෝහර්ට මෙවරත් මුල් තැන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තවත් නොබෝ දිනකින් පැවැත්වෙන 69 වැනි ෆිල්ම් ෆෙයාර් උළෙල මෙහෙයවීමේ වගකීම මෙවරත් පැවරි ඇත්තේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හා නිෂ්පාදකයෙක් වන කරන් ජෝහර්ටය. ඔහුට අමතරව ජනප්‍රිය නළු අයේෂ්මන් කූරාණා හා හාස්‍යමය වැඩසටහන් රැසක්ම මෙහෙයවන මනිෂ් පෝල්ද මෙවර ෆිල්ම් ෆෙයාර් සිනමා සම්මාන උළලේ සහය නිවේදකයින් ලෙස කටයුතු කරනු ඇත.

පසුගිය වසරේ පැවති 68 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ ප්‍රධාන නිවේදකයා ලෙස කටයුතු කරනු ලැබුවේ සුපිරි නළු සල්මාන් ඛාන්ය. එවරද අයේෂ්මන් හා මනිෂ් පෝල් දෙදෙනා සහය නිවේදකයින් ලෙස කටයුතු කළේය.