ගණපති සමරන්නට කාර්තික්ගේ ගෙදරට ආපු අමුත්තා

  • 27-11-2023
  • Views 259

මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණ ගණපති දෙවිඳුන්ගේ පූජාව සමරන්නට සාරා අලී ඛාන් ඔහුගේ පැරණි පෙම්වතා වූ කාර්තික් ආර්යයන්ගේ මුම්බායි නිවසට ගොස් තිබුණ බව සඳහන් වෙයි. සාරාට අමතරව මනිෂ් මල්හෝත්‍රා, මෘනාල් ථාකුර්, ජැකී බගානි යන ආර්යයන්ගේ සමිපතමයන්ද පැමිණ සිටියහ.

කෙසේ වෙතත්, සාරාගේ පැමිණිම ඒ අතර විශේෂ වී තිබුණද එයට හේතුව වී තිබුණේ පසුගිය කාලයේදී කාර්තික් හා සාරා සිය ප්‍රේම සම්බන්ධය බිඳ වැටීමත් සමග එකිනෙකා අතර විරසක වීමක් ඇති කරගත් හෙයිනි. එහෙත්, මේ වනවිට නැවතත් ඔවුන් අතර ප්‍රේමණිය සම්බන්ධකමක් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.