ජොනතන් මේයර්ස් මාවල් අත්හැර දමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාන්තාවකට පහරදීම හා හිරිහැර කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් හොලිවුඩ් සිනමා නළු ජොනතන් මේයර්ස් මේ වනවිට මාවල් චිත්‍රපට සමාගම විසින් නෙරපා හැර තිබෙන බව වාර්තා වෙයි. ඇන්ට් මෑන් තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයාට පණ පෙවූ ජොනතන් බොහෝ පිරිසක් අතර ජනප්‍රිය විය. එමෙන්ම ඔහු ලෝකි පළමු හා දෙවැනි කොටස් ඇතුළත් ටෙලි නිර්මාණයේද රඟපැවේය.

කෙසේ වෙතත්, මාවල් චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කරන ඉදිරි චිත්‍රපට හා ටෙලි නිර්මාණ සඳහා ජොනතන් මේයර් සම්බන්ධ කර නොගන්නා බව මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත. ඒ අනුව ඔහු හා මාවල් චිත්‍රපට ආයතන සමග තිබු ගිවිසුමද අවලංගු කර තිබෙන බව සඳහන් වෙයි.