ජනප්‍රිය ඉන්දීය තරු අතර ෂාරුක් පෙරමුණ ගනි

  • 17-01-2024
  • Views 88

IMDb හි වඩාත්ම ජනප්‍රිය ඉන්දියානු තරු 10 දෙනාගේ ලැයිස්තුව පසුගියදා නිකුත් කරනු ලැබීය. මෙහි පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ පතාන්, ජවාන් හා තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිත ඩුන්කි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන්ය.

ෂාරුක්ට පසුව මෙම ලැයිස්තුවේ දෙවැනි හා තෙවැනි තැන දිනා ගැනීමට සමත්ව ඇත්තේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි යුවළක් වූ ආලියා භාත් හා දීපිකා පදුකෝන් දෙදෙනාය. ලැයිස්තුවේ සෙසු අය වන්නේ වමිකා ගැබි, නයන්තාරා, තමන්නා භාටියා, කරීනා කපූර් ඛාන්, සෝභිත දුලිපාල,  ආක්ෂේ කුමාර් හා විජේ සේතුපති යන අයයි.