කොරියාවේ පමණක් නොව ලෝකයේම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායමේ ලාබාළතම සාමාජිකයා වන ජන්ග්කොක් හෙවත් ජිමින් සිය පළමු ගීතය සමගින් ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රය තුළ වාර්තා කිහිපයක් තබන්නට සමත් විය. ජිමින් 2013 වසරේදී BTS සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන් හත් දෙනාගෙන් කෙනෙකුද වීම විශේෂත්වයකි.
ඔහුගේ කුළුඳුල් ගීතය වූ සෙවන් ගීතයට නිර්මාණය වූන රූප රචනාව මේ වනවිට බිලියන ගණනාවක් නරඹා ඇති අතර, කොරියානු ගායකයෙකුගේ ගීතයක් එවැනි නැරඹුම් වාර ප්‍රමාණයක් නරඹා ඇති පළමු අවස්ථාවද මෙය බව සඳහන් වෙයි. එමෙන්ම ඔහුට ලෝ ප්‍රකට බිල්බෝර්ඩ් ගීත දර්ශකයේද ඉහළ වටිනාකමක් ලැබී ඇති අතර, ඔහුගේ සෙවන් ගීතයද දින ගණනාවක් පුරා එහි පළමු ස්ථාන අතරට පැමිණිමට සමත් විය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
