තමන් ගාව විශාල දියමන්තියක් නැහැ තමන්නා කියයි

  • 06-09-2023
  • Views 718

ලොව පස්වැනි විශාලතම දියමන්තිය තමන් සතුව තිබෙන බවට පැතිරෙන කතා මුළුමණින්ම අසත්‍ය ඒවා බව ඉන්දීය සිනමා නිළි තමන්නා භාටියා පවසයි. තමන් සතුව දියමන්තියක් ඇතිමුත් එය ලොව පස්වැනි විශාලතම දියමන්තිය නොවන බව ඇය තව දුරටත් සඳහන් කර සිටියි.

ඉන්දීය මුදලින් රුපියල් කෝටි 2ක් වටිනා මෙම දියමන්තිය තමන්නාට තැගි කොට ඇත්තේ දකුණු ඉන්දීය සුපිරි නළු රාම් චරන්ගේ බිරිඳ උපසානා කොන්ඩිලා විසින් බව ඇය කියයි. පසුගිය කාලයේ ලුස්ට් ස්ටෝරි චිත්‍රපට හරහා අතිශය ජනප්‍රිය වූ තමන්නා ඉදිරි දිනකදි චිරංජිව් හා ක්‍රිති සුරේෂ් සමගින් පෙනි සිටින තෙළිඟු චිත්‍රපටයකින් සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි.