තරගයකින් තොරව ආලියා මෙවර හොඳම නිළිය වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ෆිල්ම් ෆෙයාර් සම්මාන ඉතිහාසයේ පස්වැනි වතාවටත් හොඳම නිළිය සම්මානය හිමි කර ගැනීමට පසුගියදා ආලියා භාට් සමත් විය. ඒ ගංගුබායි කතියාවාදි චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය. ඇය මීට පෙර 2015 විචාරක (හයිවේ), 2017 හොඳම (උද්තා පන්ජාබ්), 2019 හොඳම (රාෂි) 2020 හොඳම (ගලි බෝයි) හොඳම නිළිය ලෙස සම්මාන දිනාගෙන තිබුණි.

මෙවර ඇය සමගින් භුම් ෆෙඩ්නිකර් (බදායි දෝ), ජාන්වි කපූර් (මිලී), කරීනා කපූර් ඛාන් (ලාල් සිං චඩ්ඩා), තාබු (බුල් බුලයියා 2) චිත්‍රපටවල කළ රංගනය උදෙසා මෙවර හොඳම නිළියට හිමි සම්මානය සඳහා නිර්දේශ වි සිටියහ.