දුල්හානියා තුන්වැනි චිත්‍රපටයට වරුන්ව යෝජනා වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

'හම්ප්ටි ෂර්මා කි දුල්හානියා' සහ 'බද්‍රිනාත් කි දුල්හානියා' චිත්‍රපට වලින් පසුව දුල්හානියා චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය පිළිබඳව තොරතුරු කිහිපයක් මීට දින කිහිපයකට පෙර මාධ්‍යයට මුදාහැර තිබුණි. ඉන් සඳහන් වූයේ මෙම චිත්‍රපට මාලාවේ තුන්වැන්න සඳහාද එක්වීමට වරූන් ධාවන්ට අවස්ථාව ලැබි ඇති බවය.

එමෙන්ම පළමු හා දෙවැනි චිත්‍රපටවල රඟපෑ ආලියා භාට්ද මෙහි ප්‍රධාන නිළියට යෝජනා වී ඇත. එහෙත්, චිත්‍රපටයේ ප්‍රධාන නළුවා පවසන්නේ තවමත් එය සාකච්ඡා මට්ටමින් තිබෙන බවකි. කෙසේ වෙතත්, ඔහු පවසන්නේ ආලියා නැවතත් තමන් සමග එක්වෙනවා නම් එය තමාට ඉතා සතුටු දනවන කාරණයක් වනු ඇති බවය.