ගෝවා හි පැවති 54 වැනි ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ සමාරම්භක උත්සවය වර්ණවත් කිරීම සඳහා නර්තනයෙන් එක්වූ සිනමා නළු ෂාහිඩ් කපූර් වේදිකාවේ රඟපාමින් සිටියදී ඇද වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයන් පුරා ප්‍රචාරය වෙමින් පවති.
ෂාහිඩ් කළු අත් නැති ටී ෂර්ට්යකින් හා කළු පැහැතිම කලිසමකින් සැරසි අඳුරු අව් කණ්ණාඩියක් පැළඳ වේදිකාවේ නටමින් සිටියදී ආපසු හැරුණු ඔහු එක්වරම බිම ඇද වැටි ඇත. කෙසේ වෙතත්, ෂාහිඩ් ඉක්මනින් නැඟිට තම රංගනය සම්පූර්ණ කළේය. පසුව නළුවා ඔහු වැටුණු ස්ථානයට ගොස් අනතුරට හේතුව කුමක්දැයි බැලුවත් එහි දෝශයක් නැති බව පැහැදිළි කරමින් වේදිකාවෙන් නික්ම යනු දක්නට ලැබු බව වාර්තා වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
