නයිෂාගේ බොලිවුඩ් ආගමනය ගැන කාජල් කියන කතාව

  • 09-08-2022
  • Views 162

තවමත් බොලිවුඩයට පිවිසි නැති කාජල් හා අජේගේ එකම දියණිය නයිෂා දේව්ගන් නුදුරේම බොලිවුඩ් සිනමාවට එක්වෙන බවට තොරතුරු ලැබි ඇත. දින කිහිපයකට පෙර මීට ප්‍රතිචාර දක්වමින් නයිෂාගේ මව සිනමා නිළි කාජල් පවසා ඇත්තේ සිය දියණියට දැන් වයස අවුරුදු 18ක් සපිරෙන නිසාවෙන් තනිව තිරණ ගැනීමේ හැකියාව පවතින බවය.

කාජල් මේ සම්බන්ධව තවදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ නයිෂා පමණක් නොව තම පුත් යුග්ද බොලිවුඩ් සිනමාවට දැඩි ලෙස කැමැත්තක් දක්වන බවය. තමන් මෙන්ම තම සැමියාද සිනමාව වෙනුවෙන් කරන කැපවීම නයිෂා මෙන්ම යුග්ද ඉතා හොඳින් තේරුම් ගෙන තිබෙන බව ඇය පවසා ඇත.