පෙම්වතියගේ ආරක්ෂාවට ගත් කෝටි 23කට ගත්තු නිවස විකුණන අර්ජූන් කපූර්

  • 07-08-2022
  • Views 194

සිය පෙම්වතියගේ ආරක්ෂාවට ගත් කෝටි 23ක වටිනාකමින් යුත් මහල් නිවස අර්ජූන් කපූර් විසින් විකුණා දමන්නට තිරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. නිදන කාමර හතරක්, මුළුතැන්ගේ, නාන කාමර දෙකක් ඇතුළුව ඇති මෙම මහල් නිවස පිහිටා තිබුණේ බන්ද්‍රා නගරසාන්නයේය.

විශේෂත්වය වන්නේ සිය වර්තමාන පෙම්වතිය වන මලෙයිකා ආරේරාගේ නිවසට නිවාස දෙකකට පෙර මෙම නිවස පිහිටා තිබිමය. මේ වනවිට ඔවුන් දෙදෙනා එකම නිවසක පදිංචිව සිටින නිසාවෙන් මෙම නිවස ඉන්දීය රුපියල් කෝටි 16කට විකුණා දමන්නට අර්ජූන් තිරණය කර ඇත.