පයිරේට්ස් අලුත් චිත්‍රපටයට අලුත් කෙල්ලෙක්

  • 12-02-2024
  • Views 263

ආදායම් අතින් අති සාර්ථක චිත්‍රපට පෙළක් වූ පයිරේට්ස් ඔෆ් ද කැරබියන් චිත්‍රපට මාලාවේ හයවැනි කතාංගය ඇතුලත් චිත්‍රපටයක් මේ වසරේදී නිකුත් වීමට නියමිතව ඇත. පසුගියදා එහි පළමු පූර්ව ප්‍රචාරකපටය නිකුත් කර තිබුණි.

සුපුරුදු පරිදි ජැක් සැප්රෝව් ලෙස ජොනි ඩෙෆ් රංගනයෙන් දායක වෙන අතර, ඔහුගේ දියණිය ලෙස අලුත් චරිතයකින් ජනප්‍රිය යොවුන් නිළි ජෙනා ඔර්ටේගා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණිමට නියමිතය. එමෙන්ම පයිරේස්ට් චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපට දෙකට දායක වූ කීරා නයිට්ලිද මෙහි දකින්නට ලැබිම විශේෂත්වයකි.