පද්මාවත් චිත්‍රපටයේ අඩු තැනක් ලබා දීම හේතුවෙන් විරසකව සිටි ෂාහිඩ් කපූර් නැවත වරක් සංජය ලීලා බන්සාලිගේ චිත්‍රපටයක් සඳහා එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙයි. මේ දිනවල හිරාමණ්ඩි රූපවාහිනි කතා මාලාවේ රූපගත කිරිම් කටයුතු නිසාවෙන් කාර්යබහුලව සිටින බන්සාලි හිරාමණ්ඩි ටෙලි කතා මාලාවෙන් පසුව අලුත් චිත්‍රපටයක වැඩ කරන්නට සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත කිහිපයකින් සමන්විත වන අතර, ඉන් එක් චරිතයක් මේ වනවිටත් ෂාහිඩ් කපූර්ට පිරිනමා ඇති බව සඳහන් වෙයි. ෂාහිඩ් බන්සාලි සමග එක් වතාවක් පමණක් වැඩ කර ඇති අතර, ඒ අති සාර්ථක වූ පද්මාවත් චිත්‍රපටයේ වීම විශේෂත්වයකි.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
