බන්සාලිගේ චිත්‍රපටයට මෙවර සම්මාන දහයක්

  • 09-05-2023
  • Views 62

පසුගිය අප්‍රේල් 27 වැනිදා මුම්බායි හි පැවති 68 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ වැඩිම  සම්මාන ප්‍රමාණයක් දිනා ගන්නට සමත් වූයේ සංජය ලීලා බන්සාලි නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද ගංගුබායි කතියාවාදි චිත්‍රපටයටය.

එය මෙවර සම්මාන උළලේදී ප්‍රධාන සම්මාන කිහිපයක් ඇතුළුව සම්මාන 16ක් සඳහා නිර්දේශ වී සිටි අතර, ඉන් සම්මාන 10ක් ගංගුබායි කතියාවාදි චිත්‍රපටය දිනා ගැනීමට සමත් විය. ඔවුන්ට පසුව මෙවර වැඩිම සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වි තිබුණේ බ්‍රහ්මාස්ත්‍රා හා බදායි දෝ චිත්‍රපට දෙකයි. ඒ සම්මාන 14ක් සඳහාය.