බාර්බි දෙවැනි චිත්‍රපටයට මාග්‍රට් සම්බන්ධ වෙනවාද

  • 24-02-2024
  • Views 496

ඔස්කාර් සිනමා උළලේදී සම්මාන අටක් සඳහා නිර්දේශ වී ඇති බාර්බි චිත්‍රපටයේ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ මාග්‍රට් රොබී මේ වනවිට හොලිවුඩයේ පමණක් නොව ලොවපුරාද අතිශය ජනප්‍රිය හොලිවුඩ් සිනමා තරුවක් වී ඇත. එමෙන්ම මාග්‍රට් දැනට හොලිවුඩයේ සිටින ධනවත්ම නිළියක්ද වි සිටියි.

දැනට ද බාර්බි දෙවැන්නක් නිර්මාණය වන බවට තොරතුරු වාර්තා වන අතර, මාධ්‍යය කළ විමසීමකදී මාග්‍රට් පවසා ඇත්තේ තවමත් තමන් ඒ පිළිබඳව සිතමින් පවතින බවය. එමෙන්ම මේ වනවිට තමන් චිත්‍රපට කිහිපයක් සමග සම්බන්ධ වීමට ගිවිසුම් අත්සන් කර තිබෙන බවද මාග්‍රට් පවසා ඇත.