බොලිවුඩ් සිනමාවෙන් රශ්මිකාට ලැබුණ පළමුවැනි සම්මානය

  • 04-04-2023
  • Views 86

මීට දින කිහිපයකට පෙර පැවති සී සිනේ සිනමා සම්මාන උළලේදී වසරේ හොඳම නවක නිළිය ලෙස සම්මාන දිනාගන්නට දකුණු ඉන්දීය සිනමා නිළි රශ්මිකා මන්දනා සමත් වූවාය. ඇය බොලිවුඩ් සිනමාව වෙනුවෙන් ලබාගත් පළමු සම්මානය එය වීම විශේෂත්වයකි.

රශ්මිකා එම සම්මානය දිනාගනු ලැබුවේ ගුඩ්බායි චිත්‍රපටය වෙනුවෙන් කළ රංගනයයි. එය ඇයගේ පළමු බොලිවුඩ් සිනමා රංගනයද වීම විශේෂත්වයකි. පසුගිය වසරේ ඇය සිද්ධාර්ත් මල්හෝත්‍රා සමගින් මිෂන් මන්ජු චිත්‍රපටයේද රංගනයෙන් දායක විය.