බවාල් අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට අන්තර්ජාලය තුළ නොමිලේ නරඹන්නට හැකි බවාල් චිත්‍රපටය අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස යුදෙව් මානව හිමිකම් කණ්ඩායමක් එම චිත්‍රපටය නිෂ්පාදනය කළ නිෂ්පාදකවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. බවාල් චිත්‍රපටය බෙදාහරින ප්‍රයිම් විඩියෝ ආයතනයට ඔවුන් ලිඛිතව ලිපියක් යොමු කරමින් සිය ඉල්ලීම සිදු කොට ඇත.

ඔවුන් පවසන්නේ චිත්‍රපටයට ඇතුලත් කර ඇති සමූල ඝාතන දර්ශන පෙළ මුළුමණින්ම හෙළා දකින බවය. එමෙන්ම නාසි ඝාතන කඳවුරක මනඃකල්පිත අනුපිළිවෙලක් රූගත කිරීම සම්බන්ධයෙන්ද ඔවුන් නිෂ්පාදකයින්ට දොස් පවරා ඇති අතර, ඊට රංගනයෙන් දායක වෙන වරූන් ධාවන්ට මෙන්ම ජාන්වි කපූර් දෙදෙනා ප්‍රසිද්ධියේ යුදෙව් මානව හිමිකම් සංවිධානවලින් සමාව ගත යුතු බවද ඔවුන් සිය ඉල්ලීමට එකතු කොට ඇත.