මේ මගේ වසර ගණනාවක මහන්සියක ප්‍රතිපලයක්

  • 10-04-2023
  • Views 95

එවර්තින් එවර්වෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටයේ රඟපෑ කේ හින් හූවාන් හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට මෙවර සමත් විය. 51 වැනි වියෙහි පසුවන හූවාන් ලද පළමු ඔස්කාර් සම්මාන වීම විශේෂත්වයකි.

සම්මානය දිනාගැනීමෙන් පසුව උත්සව සභාව ඇමතු හූවාන් පැවසුවේ සිහින පණපිටින් තියාගන්න ලෙසය. මාත් කාලයක් තිස්සේ හීන දැක්කා. ඒවා පස්සේ හීනම විතරක් වුණා. නමුත්, මගේ බිරිඳ හැමදාම කිව්ව දෙයක් තමයි සිහින වලට මැරෙන්න දෙන්න එපා ඒවා  පණපිටින් තියාගන්න කියලා. අද ඇයගේ ඒ කතාව ඇත්තක් වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි.