මෙවර ඔස්කාර් හැඩ කරන්නට රිහානාත් එකතු වෙයි

  • 09-03-2023
  • Views 105

තවත් නොබෝ දිනකින් සිය දෙවැනි දරුවා බිහි කරන්නට සූදානමින් සිටින ඇමෙරිකානු පොප් ගායිකා රිහානා මාර්තු මාසයේදී පැවැත්වීමට සැළසුම් කර ඇති ඔස්කාර් සම්මාන උළලේදී ගීත ගැයීමට එකඟ වී තිබෙන බව සඳහන් වෙයි.

මෙවර පැවැත්වෙන 95 වැනි ඔස්කාර් සම්මාන උළලේදී හොඳම චිත්‍රපට ගීතය සඳහා නිර්දේශ වී ඇති "බ්ලැක් පැන්තර්: වකන්ඩා ෆෝවර්" හි "ලිෆ්ට් මී අප්" ගීතය ගායනා කරනු ලබන්නේද රිහානා වීම විශේෂත්වයකි. ඇය මෙවර සම්මාන උළලේදීද එම ගීතය ගායනා කරන්නට සූදානමින් සිටින බව වාර්තා වෙයි.