රඟපාන්නට දෝනිට බිරිඳගෙන් අවසරය ලැබෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි මේ වනවිට ඉන්දීය සිනමා කර්මාන්තයට සම්බන්ධ වී සිටියි. රමේෂ් තමිල්මනි විසින් අධ්‍යක්ෂණය කරන ලද ලෙට්ස් ගෙට් මැරිඩ්  දමිළ චිත්‍රපටය දෝනිගේ නිෂ්පාදනය ආයතනය විසින් සිදු කරන පළමු චිත්‍රපට නිෂ්පාදනයද වෙයි.

මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පසුගියදා නිකුත් කළ අතර, ඊට දෝනි වෙනුවෙන් ඔහුගේ බිරිඳ සාක්ෂි මෙම උත්සවයට සහභාගි වි ඇත. එහිදි පැමිණි සිටි පිරිස සාක්ෂිගෙන් සිය සැමියා රංගනයට පිවිසෙනාවට අකමැත්තකක් නැද්ද යන්න විමසු අවස්ථාවේදී ඇය පවසා තිබුණේ දෝනි ඊට යොමු වෙනවා නම් තමන් හදවතින්ම ඔහුට සුබපතන බවය. එමෙන්ම සාක්ෂි පවසන්නේ දෝනි නුදුරේම රංගනයට සම්බන්ධ වනු ඇති බවට තමන් තුළ විශ්වාසයක් පවතින බවය.