රසිකයින් සමග සෝනු සුද් උපන්දිනය සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමා නළු සෝනු සුද් මීට දින කිහිපයකට පෙර සිය 48 වැනි උපන්දිනය සමරනු ලැබීය. උපන්දිනදා සිය රාජකාරි ආරම්භ කරන්නට පෙර තම නිවස ඉදිරියේ රැස් වෙමින් සිටි රසික පිරිස් මුණ ගැසිමට ගිය අවස්ථාවේදී සෝනු රසිකයින්ට හා ඉන්දීය මාධ්‍යයකරුවන් මැදි වි ඇත.

එහිදි රසික පිරිස් සෝනු සුද්ට උපන්දින කේක් එකක් පිරිනමා ඇති අතර, ඔහු රසික පිරිස් ඉදිරියේම එම කේක් එක කපා තමන්ගේ උපන්දිනයට සුබපතන්නට පැමිණි සියලු දෙනාටම තම කෘතවේදිත්වය පළ කරන්නට කටයුතු කර තිබුණි. මේ වනවිට බොලිවුඩයේ සිටින නිහතමානීම නළුවා ලෙසද සැළකෙන සෝනු සුද් පසුගිය කොවිඩ් සමයේ ඉන්දීය ජනයාට කළ උදව් උපකාර අදටද බොහෝ දෙනෙකු මතකයේ පවතියි.