ලුනාව සතුටු කළ හොලිවුඩ් සුපිරි තරුව

  • 31-08-2023
  • Views 82

වර්තමානයේ ලෝකයේ ධනවත්ම නළුවා වන ඩිවේන් ජොන්සන් පසුගියදා ඔහුගේ කුඩා රසිකාවිය වෙනුවෙන් ආහාර වේලක් සුදානම් කර තිබුණු පුවතක් වාර්තා විය. ඒ 12 වැනි වියෙහි පසුවන ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ලුනා වෙනුවෙන්ය. ඇය දැනට පිළිකා රෝගීව සිටින අතර, ඩිවේන්ට ඇය සිය සමාජ පිටු අතරේ අහම්බෙන් මුණ ගැසී ඇත.

පිළිකා රෝගය සමගින් සටන් කරමින් සිටින ලුනා හා ඇගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඩිවොන් දහවල් ආහාර පිළියෙළ කර තිබුණ අතර, ඒ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි බෙල් එයාර් නම් සුපිරි හෝටලය තුළදීය. ලුනා පුදුමයට පත් කරමින් ඩිවොන් ඇගේ වේටර්වරයා ලෙසද කටයුතු කළ අතර, එය දුටු කාටත් සංවේදිත්වයක් ඇති කළ මොහොතක්ද විය.