ලබන වසරට තවමත් චිත්‍රපට නැති සල්මාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය අප්‍රේල් 21 වැනිදා ප්‍රදර්ශනය වූ සල්මාන් ඛාන්ගේ කිසි කා බායි කිසි කි ජාන් චිත්‍රපටය සඳහා සිය වියදම් වූ ඉන්දීය රුපියල් කෝටි 150ක මුදල මේ වනවිට උපයා ගැනීමට සමත්ව ඇත. එහෙත්, සල්මාන් පවසන්නේ තමන් බලාපොරොත්තු වූ සීමාවට සිය චිත්‍රපටය තවමත් නොපැමිණි බවය.

ඔහුගේ මිළඟ චිත්‍රපටය ටයිගර් තුන්වැන්න වන අතර, එය නොවැම්බරයේ යෙදෙන දිපවාලි උත්සව සමයේ නිකුත් කරන්නට සැළසුම් කර තිබේ. ඉන් පසුව සල්මාන් රංගනයෙන් දායක වෙන චිත්‍රපට පිළිබඳව තොරතුරු තවමත් වාර්තා නොවේ. එහෙත්, ඔහු ඉදිරියේ ව්‍යාපෘති හයක් තිබෙන අතර, තවමත් ඒවා ගැන සල්මාන් අධ්‍යයනය කරමින් සිටියි. ලබන වසරේ ඊද් දවසේදී ඔහුගේ මෙම එක් ව්‍යාපෘතියක් නිකුත් කරන්නට සල්මාන් සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ.