ලියනාඩෝ ඩිකැප්රියෝට මේ පාර හරිම කෙනා මුණ ගැහිලා

  • 04-12-2023
  • Views 999

ටයිටැනික් සිනමා පටය හරහා මුළු ලෝකයම අඳුනාගත් ලියනාඩෝ ඩී කැප්රියෝ කාලෙන් කාලේට සමාජ මාධ්‍යය හරහා පුවත් මවන්නෙක් බවට පත්ව සිටියි. පසුගිය මාස කිහිපයේදී කාන්තාවන් කිහිප දෙනෙකුගේම නම අලලා විවිධ පුවත් ලියනඩෝ නමින් ප්‍රසිද්ධ විය.

කෙසේ වෙතත්, පසුගිය සති අන්තයේදී වාර්තා වූයේ 25 වැනි වියෙහි පසුවන ඉතාලි නිරූපිකාවක් වන විටෝරියා සෙරෙට්ටි, ලියනාඩෝගේ සැබෑම පෙම්වතිය වී ඇති බවය. 48 වැනි වියෙහි පසුවන ලියනාඩෝ විටෝරියා සමගින් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ ගත් අලුත්ම නිවසේ පදිංචියට යාමටද දැනට සූදානමින් සිටින බව වාර්තා වෙයි.