සෝනම් කපූර්, වායූ එක්ක ලන්ඩන් පදිංචියට යයි

  • 17-04-2023
  • Views 80

සිය පළමු දරුවා ලැබීමට ඉන්දියාවට පැමිණි බොලිවුඩ් සිනමා නිළි සෝනම් කපූර් නැවත වරක් සිය සැමියා ව්‍යාපාරික කටයුතු කරන එංගලන්තයේ ලන්ඩන් නගරයට ගිය පුවතක් බොලිවුඩයෙන් වාර්තා වෙයි.

මීට දින කිහිපයකට පෙර සෝනම්ගේ සැමියා වූ ආනන්ද අහුජාට ලැබුණ කෙටි නිවාඩුවකදී පුත් වායු සමග නිවාඩුවක් ගත කරන්නට ගොස් ඇත. එහිදි ගත් ඡායාරූප කිහිපයක් සෝනම් විසින් ඇයගේ සමාජ පිටු මෙසේ යාවත්කාලීන කර තිබුණි.