සිනමාවටත් එන්න කලින් පුවත් මවන අජේගේ කෙල්ල

  • 02-04-2023
  • Views 165

අජේ දේව්ගන් සහ කාජල්ගේ දියණිය නයිසා දේව්ගන් බොලිවුඩ් සිනමාවට පිවිසීමට පෙර සිටම සිය ජනප්‍රියත්වය ඉහළ දමාගන්නට සමත් ව තිබේ. දිනපතා ප්‍රවෘත්ති සපයන්නියක් වී ඇති නයිසා සැම දිනකම සිය සමාජ පිටු යාවත්කාලීන කරන්නියක්ද වෙයි.

මීට දින කිහිපයකට පෙර ඇය දම්පැහැති සාරියකින් සැරසි සිටින ඡායාරූප කිහිපයක් සිය ඉන්සටර්ග්‍රැම් ගිණුමට එකතු කර තිබෙනු දක්නට ලැබුණි. එම ඡායාරූපවලට ඉහළ රසික කැමැත්ත හිමිව තිබුණ අතර, ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරුන් කිහිප දෙනෙකුද නයිසාට සිය සුබ පැතුම් ඊට එකතු කර තිබුණි.