සායි පල්ලවීගේ නැඟණිය විවාහ ගිවිස ගනියි

  • 04-04-2024
  • Views 572

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි සායි පල්ලවීගේ බාල සොහොයුරිය වූ පූජා කන්නන් ඇගේ දිගුකාලීන පෙම්වතා වූ විනිත් සමගින් විවාහ ගිවිස ගෙන ඇත. ඊට සායි පල්ලවී ඇතුළුව දෙපාර්ශවයේ සමිපතමයෝ පමණක් සහභාගි වූ බව සඳහන් වෙයි.

ටෙලි නාට්‍ය හා සිනමා නිළියක්ද වන පූජා කන්නන් ඇගේ විවාහ ගිවිස ගැනිමේ ඡායාරූප රැසක් සිය සමාජ පිටු අතරේ බෙදාගෙන ඇත. සායි මේ දින කහ පැහැති චාම් සාරියකින් සැරසි සිටි අතර, විවාහ ගිවිස ගැනීමේ උත්සවයේ සියලු වගකිම් ඇය අතින් සිදුවු බව සඳහන් වෙයි.