සීරෝ දෙවැන්න කරන්න සැළසුම් කරන ෂාරුක් ඛාන්

  • 10-03-2023
  • Views 146

ෂාරුක් ඛාන් අසාර්ථක නළුවෙක් බවට පත් කළ සීරෝ චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කරන්නට ඔහු මේ දිනවල සැළසුම් කරමින් සිටින බව සඳහන් වෙයි. පතාන් චිත්‍රපටයේ ලද සාර්ථකත්වයත් සමග ෂාරුක් නැවතත් තමන් බොලිවුඩයේ රජුන් ලෙස කිරූළ ආරක්ෂා කරගන්නට සමත් විය.

නිල තොරතුරු වාර්තා කර සිටින්නේ සිරෝ වගේම පතාන් දෙවැන්නක්ද ඉදිරියේදී නිකුත් වීමට නියමිත බවය. ෂාරුක් ඛාන්ගේ ජවාන් හා ඩන්කි චිත්‍රපට දෙකද මේ වසරේ ප්‍රදර්ශනය වීමට පෙළ ගැසි ඇති අතර, ෂාරුක් සුපිරි තරුවක් වන වසර මෙය බව බොහෝ දෙනෙකු සඳහන් කර සිටියි.