90 දශකයේ හින්දි සිනමාවේ සිටි කඩවසම් නළුවෙකු වන බොබි ඩියොල් මේ වනවිට සිනමා තිරයේ දුෂ්ට චරිත සඳහා වැඩි දායකත්වයක් ලබාදීමට ඉදිරිපත්ව ඇත. පසුගිය වසරේ ඉහළ ආදායමක් උපයාගත් චිත්‍රපට අතර තුන්වැනි තැනට පත්වූ ඇනිමල් චිත්‍රපටයේද ඔහු පෙනී සිටින්නේ දුෂ්ටයෙකු ලෙසය.
වාර්තා වන අන්දමට දමිල සිනමා අධ්‍යක්ෂක ශීවාගේ කංගුවා චිත්‍රපටයේද බොබි දුෂ්ඨයාට පෙනී සිටින අතර, එය ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු සූර්යාගේ 67 වැනි චිත්‍රපටයද වෙයි. බොබි මෙම චිත්‍රපටයේ එන උද්හිරාන්ට පණ පොවයි. කංගුවා ඉන්දීය රුපියල් කෝටි 350කින් නිර්මාණය වුවක් වෙයි.

Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
