සුපිරි නළු සල්මන් ඛාන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි අනුගාමිකයන් මිලියන 59.5 ක් සිටින නමුත් ඔහුගේ හිටපු පෙම්වතියන් දෙදෙනෙක්ද ඇතුළුව 36 දෙනෙකු පමණක් ඔහු අනුගමනය කරමින් සිටිනවා කිව්වොත් ඔබ බොහෝවිට පුදුමවනවා නොඅනුමානය. සල්මාන් සමාජ මාධ්‍යවල තරමක් ක්‍රියාකාරි කෙනෙක්. ඔහු බොහෝ විට ඔහුගේ අලුත්ම චිත්‍රපට පිළිබඳ යාවත්කාලීන කිරීම් බෙදාහදා ගන්නා අතර ඔහුගේ ජීවිතය පිළිබඳ කෙටි විස්තරයක්ද නිතරම සිය රසික පිරිස් සමග සල්මාන් බෙදහදා ගනියි.
ඔහුගේ සහෝදරයන් වන අර්බාස් ඛාන් සහ සොහේල් ඛාන් සහ සහෝදරිය අර්පිතා ඛාන් ෂර්මා ඇතුළු ඔහුගේ පවුලේ අය සල්මාන් අනුගමනය කරන පිරිස අතර සිටියි. ජැකලින් ෆර්නැන්ඩේස්, ඩේෂි ෂා, සරෝජ් පංචාලී, ඔහු අනුගමනය කරන සිනමා තරු අතර වෙයි. ඊට අමතරව ඔහුගේ පෙම්වතිය වන ලුලියා වැන්තර්ද, හිටපු පෙම්වතියන් වන කත්‍රිනා කයිෆ් සහ සංගීතා බිජ්ලානිද සල්මාන් අනුගමනය කරන ලැයිස්තුවේ සිටින අනෙකුත් අය වෙති.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
