හොඳම ගායකයා මෙවර මරාති සිනමාවෙන් බිහිවෙයි

  • 04-08-2022
  • Views 141

68 වැනි ඉන්දීය ජාතික සම්මාන උළලේදී හොඳම ගායකයා ලෙස සම්මානයට පාත්‍ර වන්නේ රාහුල් දේශ්පාණ්ඩේය. ඒ එම්.අයි. වසන්ත්රාඕ නම් මරාති චිත්‍රපටය වෙනුවෙන් කළ පසුබිම් ගීත ගායනය උදෙසාය.

41 වැනි වියෙහි පසුවන රාහුල් දැනට චිත්‍රපට හතරක පමණක් ගීත ගායන කර ඇති අතර, ඔහු දිනු පළමු සම්මානය මෙය බව සඳහන් වෙයි. රාහුල් ඉන්දියාවේ ප්‍රසිද්ධ වී ඇත්තේ වේදිකා ගීත ගායකයෙකු ලෙසය. ඔහුටද මෙම සම්මානය සමගින් ඉන්දීය රුපියල් පනස්දහසක  මුදලක් හිමි වී ඇත.