හොඳම නිළියට මෙවර නියම තරගයක්

  • 28-01-2024
  • Views 99

69 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී මෙවර තියුණුම තරගය නිර්මාණය වි ඇත්තේ හොඳම නිළියට හිමි සම්මානය සඳහාය. මෙවර එම සම්මානය සඳහා නිළියන් හය දෙනෙකු නිර්දේශ වී තිබෙනු දක්නට ලැබේ.

ආලියා (රොකී අවර් රාණි ප්‍රේම් කහානි), භූමිකා ෆෙඩ්නිකර් (තැන්ක්‍යු ෆෝ කමින්ග්), දිපීකා (පාතන්), කියාරා ආද්වානි (සත්‍යම්ප්‍රේම් කී කතා), රාණි මුඛර්ජි (මිස් චැචර්ජි වෝස් නෝර්වේ), තප්සි පන්නු (ඩුන්කි) මෙවර හොඳම නිළියට නිර්දේශ වී ඇත. විචාරකයින් පවසන්නේ රාණි, ආලියා හා තප්සි අතර මෙවර තියුණි තරගයක් පවතිනු ඇති බවය.