ප්‍රදීප්ගේ 'තෛලෝකා' මාධ්‍යට දිගහැරෙයි

  • 15-12-2018
  • Views 1620

ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ ‘තෛලෝකා’ ටෙලි නාට්‍යය 15 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.30ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිතය. මෙහි මාධ්‍ය දර්ශනයක් පෙරේදා (10දා) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.

කලණ ගුණසේකර, දසුන් පතිරණ, උමයාංගනා වික්‍රමසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, දයාදේව එදිරිසිංහ, සරත් කරුණාරත්න, ජෙහාන් අප්පුහාමි, කසුනි කාවින්දි ඇතුළු පිරිසක් මේ සඳහා රංගන දායකත්වය ලබා දෙන අතර, මෙහි කැමරාකරණය චින්තක සෝමකීර්ති ගෙනි.මෙම ටෙලිනාට්‍යට වේශ නිරූපණයෙන් නාරද තොටගමුද දායක වී ඇති අතර, මෙහි තේමා ගීතය රචනය මංජුල වෙඩිවර්ධන ගෙනි.

 

නිදුක් මදුෂික / ජායාරූප - ඉසුරු පෙරේරා

 

2018-12-13-ent-11 2018-12-13-ent-12 2018-12-13-ent-13 2018-12-13-ent-14 2018-12-13-ent-15 2018-12-13-ent-16 2018-12-13-ent-17 2018-12-13-ent-18 2018-12-13-ent-19 2018-12-13-ent-20 2018-12-13-ent-21 2018-12-13-ent-22 2018-12-13-ent-23 2018-12-13-ent-24 2018-12-13-ent-25 2018-12-13-ent-26 2018-12-13-ent-27 2018-12-13-ent-28 2018-12-13-ent-29 2018-12-13-ent-30