ආකර්ෂණීය යුද හමුදා තුවක්කු සෙබළ සම්පත් ශ්‍රී පලන්සූරිය රණවිරු රියල් ස්ටාර් කිරුළ දිනා ගනී
රණවිරු රියල් ස්ටාර් - 2016 තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා (11දා) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සම්පත් එහි ජයග්‍රහණය දිනාගත් අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් අමිල සිරිවර්ධන දෙවැනි ස්ථානයත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වත්සලා නානායක්කාර තෙවැනි ස්ථානයක් දිනාගත්හ.
මෙහිදී ජයග්‍රහණය ලබාගත් සම්පත් ශ්‍රී පලන්සූරියට රුපියල් මිලියන 20ක් වටිනා නිවසක් සහ වටිනා ජංගම දුරකථනයක්ද ත්‍යාග වශයෙන් හිමිවිය.
ජනාධිපති මෛත්‍රීපා සිරිසේන, අමාත්‍යවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ගයන්ත කරුණාතිලක, අර්ජුන රණතුංග, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, රූපවාහිනි සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන, ඩයලොග් ආසියාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022



















