සුගන්ධී උපහාර මැලේසියාවේදී එළි දකියි

  • 08-12-2018
  • Views 1041

2018-12-07-ent-15

මැලේසියාවේ හා සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ධූරය දැරෑ බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද මහා යතිවරයාණන් වහන්සේගේ ජන්ම දින ශතක සැමරුම නිමිත්තෙන් උන් වහන්සේගේ මෙහෙවර අළලා ලියූ සුගන්ධී උපහාර නම් චරිතාපදානය එළිදැක්වුණේ ඉකුත් 10 වැනි සෙනසුරාදා රාත්‍රී 7ට මැලේසියාවේ බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ විහාරස්ථානයේ පැවති උත්සවයකදීය.

උන් වහන්සේගේ නැගණියගේ දියණියක හා කොළඹ හුණුපිටිය ගංඟාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ සොහොයුරියක වන මැලේසියාවේ පදිංචි දයානි හේමදාස විසින් මේ චරිතාපදානය රචනා කර තිබුණා. කතුවරිය විසින් මින් පෙර ‘ඔබ මහමෙරක් සේමැයි’ සහ ‘සම්භාවනා’ නමින් කෘති දෙකක් රචනා කර තිබෙනවා.

‘සුගන්ධී උපහාර’ චරිතාපදානය එළිදැක්වූ මෙම උත්සවයේ ප්‍රධාන ධම් දෙසුම පැවැත්වූයේ දශක 6ක් ලොව පුරා ධර්ම ප්‍රචාරණයේ යෙදී සිටින බෞද්ධ ග්‍රන්ථ කතුවර සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක වේරගොඩ සාරද නායක ස්වාමින් වහන්සේයි. ගිලන්පස බුද්ධ පූජාව, සිංහල ධර්ම දේශනාව, සුගන්ධී උපහාර ග්‍රන්ථය ජනගත කිරීම ඇතුළු උත්සව අවස්ථාවලින් පසු රසවත්, ගුණවත් ශ්‍රී ලාංකික කෑම බීමවලින් පිරුණ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැමිණ සිටි සියලු අමුත්තන් වෙනුවෙන් සූදානම් කර තිබුණා.

 

2018-12-07-ent-07 2018-12-07-ent-08 2018-12-07-ent-09 2018-12-07-ent-10 2018-12-07-ent-11 2018-12-07-ent-12 2018-12-07-ent-13 2018-12-07-ent-14  2018-12-07-ent-16 2018-12-07-ent-17 2018-12-07-ent-18 2018-12-07-ent-19 2018-12-07-ent-20 2018-12-07-ent-21 2018-12-07-ent-22 2018-12-07-ent-23