ලොව සුප්‍රසිද්ධ රූ රැජිණ තරගාවලියක් වන Miss Intercontinental තරගයේ පසුගිය වසරේ ජයග්‍රාහිකාව වූ රුසියාවේ වැලෙන්ටිනා රසුලෝවා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නීය. ලබන ඔක්තෝබර් 16 වැනිදා කොළඹදී පැවැත්වෙන Miss Intercontinental 2016 තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරීමේ කටයුතු වෙනුවෙන් ඇය මෙලෙස මෙරටට පැමිණ තිබේ. පසුගිය වසරේ ජර්මනියේදී පැවැත්වුණු 44 වැනි Miss Intercontinental තරගාවලිය ජයගත් ඇය වෘත්තියෙන් අංග රචනා ශිල්පිනියක ලෙස කටයුතු කරයි. තරගයේ ජයග්‍රහණයත් සමගම ඇය හිස පැළැඳි 'Oriental holy Water' නම් කිරුළ ඇමෙරිකානු ඩොලර් 360,000 කට අධික වටිනාකමකින් යුක්ත බවත් Miss Intercontinentalහි සංවිධායකයෝ පවසති.
ඡායාරූප - ඉසුරු පෙරේරා
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022










