කඩවත රෝස්වුඩ් ඩෙන්ටල් ඇන්ඩ් මෙඩිකල් හොස්පිට්ල් රෝහලේ නව වාට්ටු සංකීර්ණය, ශල්‍යාගාරය, රසායනාගාරය සහ දැඩි සත්කාර ඒකකය ඉකුත් දිනෙක අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණ. දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධූරය දරන රෝස්වුඩ් රෝහලේ මෙම විවෘත කිරීමේ උත්සවයට අමරසිරි පීරිස්, රෝහණ බෝගොඩ, දේවිකා මිහිරාණි, බිමල් ජයකොඩි, සුජානි මේනකා දහනායක, නිලන්ති ඩයස්, රජිත හිරාන් ඇතුළු කලාකරැවන් මෙන්ම BBC මාධ්‍ය ජාලය මගින් ලෝකයට බලපෑම් කළ හැකි කාන්තාවන් සිය දෙනා අතරට නම් කළ ආශ්චර්යා පීරිස් මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්, රජයේ දන්ත වෛද්‍යවරැන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා, ඒ.පී.එස්. නිටර්ස් පෞද්ගලික සමාගමේ සභාපතිනි දීපානි සමරසිංහ මහත්මිය ඇතුළු විශාල සම්භාවනීය පිරිසක් සහභාගි වී සිටියහ.
Rosewood beauty clinic නව රෑපලාවන්‍යාගාරය ද අමරසිරි පීරිස් යුවල, සුනිල් එදිරිසිංහ යුවල ඇතුළු කලාකරැවන් විසින් ඉටිපන්දමක් දල්වා ආශිර්වාද එක් කරමින් එදිනම විවෘත කළහ.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022















































