තරුණ අධ්‍යක්‍ෂවරයෙකු වන සමීර වක්වැල්ල අධ්‍යක්‍ෂණය කළ %‘‘zoom^ (සූම්) චිත්‍රපටයේ මාධ්‍ය සඳහා වූ විශේෂ ප්‍රදර්ශනයක් පසුගිය පසුගිය 12 වෙනි සිකුරාදා දහවල් 1.30 ට ඩාලි පාරේ පිහිටි Excel world (එක්සෙල් වර්ල්ඩ්) සිනමා ශාලාවේදී පැවැත්වුණා. ලංකාවේ නිපදවන ලද ප්‍රථම සිංහල ත්‍රිමාණ වෘතාන්ත (3D) චිත්‍රපටය ලෙස අධ්‍යක්‍ෂක සමීර හඳුන්වන මෙම නිර්මාණය විදේශීය සමාගම් වලින් මිලදීගන්නා ලද පරිගණක මෘදුකාංග ඍජුවමත් ඇතැම් අවස්ථාවල එක මෘදුකාංගයක් තවත් මෘදුකාංගයක් සමග බද්ධ කිරීමෙනුත් නිපදවන ලද බවත් සඳහන් කළා. හේමාල් රණසිංහ, ශේෂාද්‍රි ප්‍රියසාද්, දිනක්‍ෂි ප්‍රියසාද්, ජයලත් මනෝරත්න, චමිලා පීරිස් රඟන මෙම චිත්‍රපටයේ කැමරාකරණය කල්හාර වක්වැල්ලගෙනි. අනුර බණ්ඩාර සංස්කරණ ශිල්පියායි. රවිහාන්ස් වැටකේපොත සංගීතවත්කොට ඇති zoom හි නිෂ්පාදකයන් වශයෙන් ධම්මික අබේසේන, මහේන්ද්‍ර බුලත්ගම සහ දීපිකා කළුආරච්චි කටයුතු කරයි. එම මාධ්‍ය දැක්මේදී ගත් ඡායාරූප සටහනයි මේ.
සටහන - පද්මකුමා පී.මෙත්තසේන/ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022

















