Home
Videos
Events
Travel & Tourism
On Location
HollyBolly
Movie Trailers
Home
Videos
Events
Travel & Tourism
On Location
HollyBolly
Movie Trailers
Breaking Gossip
Life Styles
Celebrity Gossip
Movie Buzz
Trailers
Interviews
Visual stories
Home
Inspiration
ඇමෙරිකා නිළියගේ වළව්වේ හොල්මන් කරන වතු අධිකාරී
ඇමෙරිකා නිළියගේ වළව්වේ හොල්මන් කරන වතු අධිකාරී
05-11-2012
Views 16719
ඔබේසේකර පරපුරට අයත් නිට්ටඹුව පස්යාල නුගේදොල වතුයායේ පිහිටි පිළිමතැන්න වලව්වට ඒ නම ලැබුණේ ද පෞරාණික පිළිම රැසකින් සමන්විත කුඩා කෞතුකාගාරයක් එහි තිබූ නිසාය. අක්කර එක්දහස් තුන්සිය ගණනක් විශාල වූ නුගේදොල වතු යාය හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම ඇමැතිවරයාගේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනතින් අනතුරුව අක්කර පනහකට සීමා විය. මෙම අක්කර පනහේ සීමාවට පිළිමතැන්න වලව්වද අයත් වූ අතර එහි හිමිකරු වූයේ හිල්ඩා ඔබේසේකර මැතිණියගේ හා අධිකරණ විනිසුරු පෝල් ඊ. පීරිස් මහතාගේ පුත‍්‍රයා වූ ජස්ටින් පීරිස්ය. අනතුරුව මීට වසර කිහිපයකට පෙර මෙම වලව්ව මිලදී ගත්තේ සුප‍්‍රකට ඇමරිකානු නිළියක වන ගිලියන් ඇන්ඩ‍්‍රසන්ය. විශාල මන්දිරයක් ලෙස ගොඩනගා ඇති මෙම වලව්වේ මහල් දෙකකි. බිම් මහලේ තවත් කාමර කිහිපයක් පිහිටා තිබේ. අක්කර පනහක වත්තේ වතු අධිකාරිවරයා ලෙස කටයුතු කළ තැනැත්තා 1988-89 භීෂණ කාලයේදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්වූයේ වලව්ව අසලදීමය. වත්තේ සේවයට පැමිණෙන කම්කරුවකු සේ පැමිණි නාඳුනන තුවක්කුකරුවා විසින් වතු අධිකාරිවරයා සේවයට පැමිණෙද්දීම වෙඩිතබා මරා දමන ලදී. ඒ ආසන්න දිනකදීම ඔහුගේ ඥාති පුත‍්‍රයකුද නාඳුනන තුවක්කුකරුවකුට බිලි විය. වලව්ව අසළදීම ඝාතනය කරන ලද වතු අධිකාරිගේ අවතාරය වලව්ව තුළත් ඒ අසළ ඇති ”පුවක් අරඹ” තුළත් සැරිසරන බව කියති. වලව්වට ආසන්නයේ ඇති ”පුවක් අරඹ” පුවක් ගස් දහස් ගණනකින් සමන්විත ස්ථානයකි. පසුකලෙක මේ ස්ථානයේ පුවක් කඩන්නට ගිය පුද්ගලයෙකු මහත් අභිරහස් අන්දමින් මිය ගියේය. පුවක් ගසට නගිමින් සිටි එම පුද්ගලයා මිය ගියේ එක්වරම දෙකට පැලූණු පුවක් ගසේ දෙබලට ඔහුගේ ලිංගේන්ද්‍රිය ආශි‍්‍රත ප‍්‍රදේශය සිරවීමෙනි. පුවක් අරඹ තුළ වැටී තිබූ ඔහුගේ මළ සිරුර සොයාගනු ලැබුවේ ද දින කීපයකට පසුවය. තවත් දිනක් පස්යාල ප‍්‍රදේශයේ ”අමරේ” නම් පුද්ගලයෙකු පුවක් අහුලන්නට ”පුවක් අරඹට” ගියේය. පුවක් අහුලමින් සිටි ඔහු එක්වරම තිගැස්සී සිටියේ අසළ වූ කොස් ගසකින් කොස් ගෙඩියක් බිමට වැටීම නිසාය. ඔහු එක්වරම උඩ බැලූවේය. ගසේ සිටියේ ඔහු හඳුනන අයෙකි.” ”අනේ බං මටත් හොඳ කොස් ගෙඩියක් කඩල දාපං” කීවා පමණි. ගසේ සිටි පුද්ගලයා ගස් වැල් පෙරලාගෙන උඩින්ම ගොස් අතුරුදන් විය. පුවක් අහුලමින් සිටි අමරේ බියවී පැන දිව්වේය. නමුත් පසුව ඔහු දැඩි සේ රෝගාතුර වී අංශභාග රෝගයට ගොදුරු විය. තවත් බොහෝ දෙනකුට මෙම පුවක් අරඹ තුළින් කෙඳිරිලි හඬ නිතර ඇසෙන බවද පැවසේ. පුවක් කඩන්නට ගසට යද්දී ගසට හිරවී මිය ගිය අයගේ කෙඳිරිලි හඬ දිවා කාලයට පවා ඇසෙන බව මෙම වතුයායේ සේවය කරන්නෝ අප හා කීහ. පස්යාල-අත්තනගල්ල මාර්ගයේ ඇල්ල මුල්ලෙන් හැරී කිලෝ මීටර් දෙක තුනක් පමණ වලව්ව වෙත යා යුත්තේ කැලෑබද දුෂ්කර මාර්ගයකිනි. දැඩි අව්රශ්මිය ඇති අවස්ථාවල පවා බිමට හිරුඑළිය පතිත නොවන තරමට ගස්වලින් සෙවන සපයන මාර්ගය ඉතා ගුප්ත ස්වභාවයක් පෙන්නුම් කරයි. ඇමරිකානු නිළි ගිලියන් ඇන්ඩ‍්‍රසන් විසින් මෙම වලව්ව මිලදී ගැනීමෙන් අනතුරුව එහි භාරකරු ලෙස කි‍්‍රයා කළ ශ්‍රී ලාංකික පුද්ගලයාට එරෙහිව රුපියල් කෝටි ගණනක වංචා චෝදනා මතුවීමෙන් පසු වලව්ව අවට දැඩි මුරකාවල් යොදා තිබේ. පුද්ගලික ආරක්ෂක නිලධාරීන්ට අමතරව රජයේ ආරක්ෂක අංශයේ යැයි සිතිය හැකි සිවිල් ඇඳුම් හැඳගත් කිහිප දෙනෙක් වලව්වට ඇතුල්වන ස්ථානයේ සිටිති. එතැනින් ඔබ්බට ඇතුල්වීමට නම් අහවල් නිලධාරියාගේ අවසරය ලබාගත යුතු බව කියමින් ඔවුහු බස්නාහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකුගේ නම සඳහන් කළහ. කෙසේ වෙතත් වලව්ව දෙසට ගමන් කිරීමට ඇති මෙම ගුප්ත මාවතේ වතු අධිකාරිවරයා ගේ අවතාරය මහ දවාලේ පවා හොල්මන් කරන බව ප‍්‍රදේශවාසීන් ගේ මතයයි. එම නිසා ඔවුහු කිසිදු මොහොතක තනිවම මෙම මාර්ගයේ ගමන් කිරීමට කැමැති නොවෙති. අමානුෂික ලෙස ඝාතනය කරන ලද වතු අධිකාරිගේත්, ඥාති පුත‍්‍රයාගේත් අවතාර මිනිස් බිලි සොයා සක්මන් කරන බව පවසමින් ජනතාව මර බියෙන් කල්ගත කරති. පිළිමතැන්න වලව්ව තුළද හොල්මන් අවතාර සක්මන් කරන බව පැවැසේ. එහෙත් එම වලව්වේ වසර හතළිහකට වැඩි කාලයක් සේවය කළ ඒ.ඒ. පියසේන (84) මහතා ප‍්‍රකාශ කළේ ජස්ටින් පීරිස් හාමුට අයත්ව තිබූ කෞතුකාගාරයේ වටිනා කෞතුක භාණ්ඩ ආරක්ෂා කර ගැනීමේ අරමුණින් වලව්වේ හොල්මන්-අවතාර ඇතැයි යන කථාව පතුරුවා හළ බවය. වලව්වේ හිමිකරු වූ ජස්ටින් පීරිස් මහතා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. චිත‍්‍ර ඇඳීමේ හැකියාව ඔහු තුළ පැවැති බවත් ඔහු ඇඳි චිත‍්‍ර ඇමරිකාව වැනි රටවලට ඉතා විශාල මිල ගණනකට අලෙවි කළ බවද පියසේන මහතා කීය. හරක් අණකින් කපන ලද කාන්තා රූපයක් එවකට රුපියල් ලක්ෂ හතරකට පමණ අලෙවි කර තිබූ බවද කියැවේ. ජස්ටින් පීරිස් මහතා විසින් වලව්වේ පවත්වාගෙන ගිය කෞතුකාගාරයේ පැරැණි ප‍්‍රතිමාවලට අමතරව අලින්ගේ ඔළු, හකු, කිඹුලන්ගේ ශරීර කොටස් ආදිය ද තිබී ඇත. නමුත් පසුකාලීනව වලව්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වීමත් සමග සොරුන් විසින් ඉන් බොහෝ දේ රැුගෙන ගොස් ඇත. වලව්වේ වත්මන් හිමිකාරිය වන ඇමරිකානු නිළි ගිලියන් ඇන්ඩ‍්‍රසන් මහත්මිය යටතේ මේ වනවිට පිළිමතැන්න සුපිරි හෝටලයක් බවට පත්වෙමින් පවතින බවද පැවසේ.
දොම්පේ - අජිත් මදුරප්පෙරුම
Trending News
1
ඇත්තටම එහෙම පිරිමිත් ලෝකෙ ඉන්නවද ?
2
චිත්‍රපට දෙකක රඟපාන්න මම අද ලංකාවට එනවා......
3
ඊයෙ කොල්ලට සම්මාන දෙකක් ලැබුණා ...අනේ පුතේ කියලා එයා බදාගන්න මම නැති වුණානෙ.
4
වන පස මලින් - දිය ඇල්ලේ පිනි පොදින් ජීවය ලබන සොඳුරු යෞවනිය... ආන්යා
5
කසාදෙට බනින අයට සනත්ගෙන් එළිපිට උත්තර
On Location
මෝඩ තරිඳු Film On Location
24-09-2025
දිව්‍යාද OnLocation
09-01-2023
- Sponsored Ad -
Events
Colombo Fashion Week -2025
10-12-2025
නර්තනයේ ගුරු තරු සපැමිණි රඟමිර - කල එළි මංගල්‍ය
25-11-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
20-11-2025
Travel
එන්න යන්න අපිත් එක්ක ටොරොන්ටෝවේ ගිම්හාන සංචාරකට
27-06-2025
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
05-11-2022
- Sponsored Ad -
Press ESC to close
Home
Videos
Events
Travel & Tourism
On Location
HollyBolly
Movie Trailers