අධිමාත්‍රාවෙන් -මත්වෙන්න මාත්‍රා -2025

  • 07-10-2025
  • Views 97


අමුතුම තාලයකට මත් වෙන්න අධි මාත්‍රාවෙන් එන්නත් කරන මාත්‍රා  ගැනයි අද මේ කතාව.

ස්ත්‍රීත්වයේ විවිධත්වය සංස්කෘතිමය නර්තන රිද්මයට.....ඒ තමයි ලයිසියම් දූ පුතුන්ගෙ  මාත්‍රා තේමාව.....ඔක්තෝබර් 11 හැන්දෑවෙ 4.02 ට සහ 6.58 ට මාත්‍රා අධිමාත්‍රාවෙන් ඔයාලව එන්නත් කරන්න එයාලා ලෑස්ති වෙන්නෙ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ....



ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ නිර්මාතෘ ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරුගේ  සංකල්පයකට අනුව තමයි මාත්‍රා නිර්මාණය වුණේ.ඒ 2008 අවුරුද්දෙදී. ලයිසියම් පාසල් සමූහයේ දරු දැරියන් 750 කගේ එකතුවක් මේ ප්‍රසංගය දිලිසෙන්නට දිදුලවන්නට  නර්තන වාදන සංගීතමය දායකත්වය සපයනවා. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය රසික කොතලාවලගෙ නිර්මාණ උපදේශකත්වය එදා ඉඳන් අද වෙනකම් මාත්‍රා ව සුරකිනවා.ඉතින් සාම්ප්‍රදායිකත්වයට නූතනත්වයත් අපූරුවට මුහු කරමින් රස සරාගයක ප්‍රේක්ෂකයන් අතරමං කරන්න ලයිසියම් මාත්‍රාවට එදත් හැකිවුණා .අදත් හැකිවේවි.
www.lyceum .lk/maathra වෙබ් අඩවියත්
 0777 838877 දුරකථන අංකයත් ඔයාට මාත්‍රා ප්‍රවේශ පත්‍ර ලබාදීම වෙනුවෙන් විවෘතයි.....

එනවද - බලන්න.........
මාත්‍රා කියන්නෙ
ලයිසියම් දූ පුතුන්  ලංකාවට නෙවෙයි ලෝකයටම දුන්න තිළිණයක්.....කියලයි මට දැනෙන්නෙ