අපේ කාලයේ ගුරු ගීතය “ශිල්පය පිහිටන්න” නමින් එළිදකී
ගුරුවරු කියන්‌නේ අපේ ඉටු දෙවිවරුන්. අපි හැමෝගෙම ජීවිතවල සඳා අනුස්මරණීය මතකයක් එක්කල ගුරුවරුන් සිටිනවා. හරියටම කිව්වොත් අපේ ජීවිතවලට හැරවුම් ලක්ෂ්‍යයක් එක් කළ ගුරුවරු ඔවුන්. නමුත් මෑත කාලයේදී සමාජය තුළින්ම ගුරුවරුන්ට තිබූ ගෞරවය හීන වූ අවස්ථා අහන්න දකින්න ලැබුණා. ගුරුවරු කියන්නේ වෘත්තීයකට එහා ගිය සමාජයම වගකීමක් ඉටු කරන පිරිසක්. කොහොම වුණත් ගුරුවරු හා ශිෂ්‍යයින් අතර පවතින ආදරණීය බැඳීම ගැන කියවෙන අපූරු ගීතයක් පසුගිය දින කිහිපය තුළ නිර්මාණය වුණා.
ඒ ගීත නිර්මාණයකට එහා ගිය අලංකාර රූප රචනාවකුත් එක්ක. ගීතයේ නම “ශිල්පය පිහිටන්න”. ගීතය ගායනා කරන්නේ වෛද්‍ය ප්‍රදීප් රංගන. ඒ වගේම මේ ගීතය දක්ෂ තරුණ නිර්මාණකරුවන් රැසකගේ අලංකාර නිර්මාණ කර්තව්‍යයෙන් හැඩවූවක්. මේ ගීතය රචනා කරන්නේ ගී පද රචක උදාර වික්‍රමරත්න. ඒ වගේම ගීතයට සංගීතය එකතු කරන්නේ සංගීත නිර්මාණ ශිල්පී සමීර වීරසිංහ. ගීතයේ රූප අධ්‍යක්ෂණය ලයාල් එදිරිසිංහගේ අධ්‍යක්ෂණයෙන් සිදු වුණා. ඒ වගේම ම ඒ අලංකාර රූප රචනපේ පිටපත ලියවුණේ ගීතයේ ගී පද නිර්මාණ ශිල්පී උදාර වික්‍රමරත්නගේ අතින්.
“අපේ ගීත සාහිත්‍ය ගැන බලනකොට ගුරුවරු ගැන ලියවුණ ගීත තියෙන්නෙ හරිම අතළොස්සක්. වර්තමානයේදී එවැනි ගීත නිර්මාණ බිහිවුණේ නැති තරම්. විශේෂයෙන්ම ශිල්පය පිහිටන්න ගීතය ගුරුවරු සහ පාසල් ජීවිතය ගැන කියවෙන ගීතයක් විදිශට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ගීතය ගායනා කරන්න ගායන ශිල්පී වෛද්‍ය ප්‍රදීප් රංගන තෝරගන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඔහු මීට පෙර සිදුකළ බොහෝමයක් ගීත ඔහුගේම ගී පද රචනයට ඔහුගේම සංගීත නිර්මාණ ඇසුරෙන් සිදුකළ ඒවා.
ඒ වගේම ඔහු අධ්‍යාපනයෙන් ඉහළට ගිය වෘත්තීමයක නිරත ගායන ශිල්පියෙක්. ඒ වගේම මෙහි රූප රචනයත් සංවේදීව ඇසට කඳුළක් උනන අයුරින් සිදුකරන්න අධ්‍යක්ෂ ලයාල් එදිරිසිංහට හැකියාව ලැබුණා. මම හිතන්නෙ ඒක අපේ සාර්ථකත්වය. මිනිසුන්ගේ හදවතට ඒ ඔස්සේ කතා කරන්න ලැබීම ගැන මා ඇතුළු නිෂ්පාදන කණ්ඩායම සතුටු වෙනවා. මෙහි රූප රචනය සිදුකරන්නේ Sirra Colombo නිෂ්පාදන ආයතනය සහ Media Monkey වෙළඳ දැන්වීම් ආයතනය එකතුවෙලා” කියලයි මෙහි ගී පද රචක උදාර වික්‍රමරත්න වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.
එසේ නම් අපිත් ඔබට අපේ කාලයේ ගුරු ගීතය “ශිල්පය පිහිටන්න” අහන්න, දකින්න, විඳින්න අවස්ථාවක් කරගන්න කියලා ආරාධනා කරනවා.
බුද්ධීක සේනාධීර



