
නිතා අම්බානි පැළඳ සිටි කෝටි දොළහක බත්කූරගෙ (draganfly) හැඩය ඇති බ්‍රෝච් (brooch) ආභරණය නිර්මාණය කිරීමට වසර දහයක් ගත වුණා කියලා කීවොත් ඇඟත් එක්ක හිරි වැටෙනවා නේද ?
නිතා අම්බානි කියන්නෙ අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් .
ඇය උත්සවයක් සඳහා ඇන්ද ඇයගේ ඇඳුම් විලාසිතාව ලෝකයේ වැඩි කතාබහට ලක්වුණු ඇඳුම් විලාසිතාවක්
නිතා අම්බානියි.
බුම්බාහි පැවති නිතා මුකේෂ් සංස්කෘතික මධ්‍යස්ථානයේ (NMACC) පුස්තකාරය සහ කැෆේ එක විවෘත කිරීමේ උත්සවයට ඇය පැමිණි මොහොතේදී සැමගේම අවධානය යොමු වුණේ ඇයගේ අලුත්ම විලාසිතාවට.
විලාසිතාවටත් වඩා ඇස් යොමු වුණේ බත්කූරා දෙසට.
මේ බත් කූරාගේ හැඩයෙන් යුත් ආභරණයකි.
එහි වටිනාකම පිළිබඳව හැමෝම කතා කළා .පුදුම වුණා.
එතරම්ම වටින ස්වර්ණාභරණයක් සමඟ නිතා තෝරගෙන තිබුණේ ඉතාමත් සරල බීච්(Beige) වර්ණයෙන් යුත් ලිනන් ඇඳුමකි.
ඊටම ගැලපෙන රෝස පාට ලේස් බ්ලවුසය දියමන්ති කරාඹුව, මුදුව ,සහ අතරලෝසුව ඇයගේ පෙනුම ඇත්තෙන්ම තවත් ලස්සන කරලා තිබුණා. කුඩාම කුඩා ස්වර්ණාභරණයක් පිටුපස අවුරුදු දහයක් වෙහෙස මහන්සියෙන් සහ කෝටි ගණනක වටිනාකමක් ඇති නිතා අම්බාණිගේ මෙම දුර්ලභ විලාසිතා තේරීම ලෝකයේ ම මාතෘකාවක් වුණා.
Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
